27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalළිඳකට වැටී අයෙක් ජීවිතක්ෂයට

ළිඳකට වැටී අයෙක් ජීවිතක්ෂයට

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු ඊයේ (08) අලුයම මෙම අනතුරට ලක්ව ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

තම ස්වාමියා ළිඳකට වැටී සිටිනු දුටු බිරිඳ ප්‍රදේශවාසීන් සමග එක්ව ඔහු ගොඩට ගෙන කළ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

පසුව එම පවුලේ ඥාතියෙකු විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වසර 10ක පමණ කාලයක සිට මානසික රෝගී තත්වයකින් පෙළෙන බවට පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කිරීමෙන් පසු මෘත දේහය ඥාතීන්ට භාර දී තිබෙනවා.

වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.