― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsරජයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ ගැටලුවක්

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ ගැටලුවක්

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම සමෘද්ධි දීමනාව ලබාදීම සති කිහිපයක් ප්‍රමාද වනු ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ එම ගෙවීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.