27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවතු කම්කරුවන්ගේ සියලුම ලිපි දෙමළ භාෂාවෙන් යැවීමට පියවර

වතු කම්කරුවන්ගේ සියලුම ලිපි දෙමළ භාෂාවෙන් යැවීමට පියවර

වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

අයවැය යෝජනා අනුව මෙම වසර තුළදී එක් කම්කරු නීති සංග්‍රහයක් සකස් කරන අතර වතු කම්කරුවන් සඳහා වන විශේෂ නීති එයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කම්කරු‌ දෙපාර්තමේන්තුව විසින් වතු කම්කරුවන්ට යවනු ලබන ලිපි සිංහල භාෂාවෙන් යොමු කිරීම හේතුවෙන් සිය ගැටලු විසඳා ගැනීමට නොහැකිවීම පිළිබඳව වතු වෘත්තීය සමිති එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.