30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්නපුරයේ දරුවන් 1336කටම මන්දපෝෂණයෙන් පීඩා

රත්නපුරයේ දරුවන් 1336කටම මන්දපෝෂණයෙන් පීඩා

රත්නපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන් 1336 දෙනෙක් උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

මෙයින් දරුවන් 838 දෙනෙකු ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන පවුල්වල දරුවන් වන අතර රක්තහීනතාවයෙන් (ලේ හිඟ කමින්) පෙළෙන ගැබිනි මවුවරුන් 4351 දෙනකක්ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක්ම (315ක්) හඳුනාගෙන ඇත්තේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වීම විශේෂත්වයකි.

මීට අමතරව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මන්දපෝෂිත දරුවන් 148ක්, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 121ක්, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 105ක්, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 98ක්, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 87ක්, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 83ක්, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 66ක්, අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 63ක්, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් 50ක් වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.