27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට කලින් ජනපති හමු වූ රහස මැකො හෙළි කරයි

ඡන්දෙට කලින් ජනපති හමු වූ රහස මැකො හෙළි කරයි

ජනාධිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවට කතා කළ බවත් ඒ නිසා ජනාධිපතිවරයා හමුවීමට ගිය බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (09) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ රටේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට ගිය බවත් කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවීමට නොගිය බවත්ය.

රටේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට බැඳීමක් පවතින බවත් මැතිවරණයක් පවතින අවස්ථාවක මැතිවරණයට අවශ්‍ය පහසුකම් සැපයීමට හා වාතාවරණය සකස් කිරීමට වගකීමක් ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.