― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldබ්‍රසීලයේ හිටපු ජනපති හදිසියේම රෝහල්ගත කෙරේ

බ්‍රසීලයේ හිටපු ජනපති හදිසියේම රෝහල්ගත කෙරේ

බ්‍රසීල හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ඔහු ෆ්ලොරිඩාවේ රෝහලකට ඇතුළත් කර ඇති අතර ගත වූ සති අන්තයේ ඔහුගේ ආධාරකරුවන් 1500ක් පමණ අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති මන්දිරය ඇතුලු ප්‍රධාන ගොඩනැගිලිවලට පහර දී කලහකාරී තත්ත්වයක් ද නිර්මාණය වුණා.

ඔක්තෝම්බර් මස පැවති මැතිවරණයෙන් බොල්සොනාරෝ පරාජය කිරීමෙන් පසු ජනවාරි 1 වන දින බලයට පත් වූ වාමාංශිකයෙකු වන ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අවධාරණය කළේ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවයි.

කැරලිකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා දැමීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළා.

රාජ්‍ය ආයතනවලට එල්ල වූ දරුණුතම ප්‍රහාරයේ දී මැර පිරිස් කොන්ග්‍රසය, ශ්‍රේෂ්ඨාධිකරනය සහ ජනාධිපති කාර්යාලයට කඩා වැදී ජනෙල්, ගෘහ භාණ්ඩ සහ කලා නිර්මාණ කඩා බිඳ දැමූවා.

නිල කාලය අවසන් වීමට දින කිහිපයකට පෙර එක්සත් ජනපදයට පළා ගිය බොල්සොනාරෝ සඳුදා ඔර්ලන්ඩෝ හි රෝහලකට ඇතුලත් වී ඇත්තේ 2018 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී සිදුවූ පිහි ඇනුමකට සම්බන්ධ බඩවැලේ වේදනාවක් ගැන සඳහන් කරමින්.

කෙසේවෙතත් ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට බඩවැල් ආශ්‍රිතව අවහිරයක් ඇති අතර එය බරපතල නොවන බැවින් ශල්‍යකර්මයක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බොල්සොනාරෝ කියා සිටියේ තමා ජනවාරි අවසානය දක්වා එක්සත් ජනපදයේ රැඳී සිටීමට සැලසුම් කර තිබුණ ද පවතින අසනීප තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් හමුවීමට ඉක්මනින් නැවත බ්‍රසීලයට යාමට සැලසුම් කර ඇති බවයි.

ඒ බ්‍රසීලයේ වෛද්‍යවරුන් තමාගේ තුවාලය හේතුවෙන් පවතින බඩවැල් අවහිරතා පිළිබඳ හොඳින් දැනුවත්ව සිටීම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ.