― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsPoliticalමැතිවරණය කල් දැම්මොත් පාරට බැහැලා කැරළි ගහනවා

මැතිවරණය කල් දැම්මොත් පාරට බැහැලා කැරළි ගහනවා

මැතිවරණය කල් දාන්න ලෑස්ති වුණොත් වීදි බැහැලා කැරළි ගසන බවත් අද පාරට වැටී සිටින ජනතාවට තමන්ගේ විරෝධතාව ප්‍රකාශ කිරීමට තිබෙන එකම ආයුධය කතිරය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇති බවත් ඒම තීරණයට එරෙහිව අධිකරණයට යන බවත්ය.

“රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට දන්වා තිබෙනවා ඇප මුදල් භාර ගන්න ඒපා කියලා. මේ නිලධාරියා කරලා තියෙන්නේ ව්‍යවසථාවට විරුද්ධ දෙයක්. අමාත්‍ය මණ්ඩලය ඒහෙම තීරණයක් අරගෙන තියෙනවානම් ඒහෙම තීරණයක් ගන්න අමාත්‍ය මණ්ඩලයට කිසිම අයිතියක් නෑ.

ඒ් නිසි අපි හෙට දවසේදී මේකට විරුද්ධව අධිකරණයට යනවා. අනාගතයේදී අප මොවුන්ට උපරිම ලෙස කටයුතු කරනවා. මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ මැතිවරණය කල් දාන්න උත්සාහ කරනවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණ කරන්න හැදුවා. ඒළියේ විවිධ කුමන්ත්‍රණ කරන්න හදනවා. අද පාරට වැටිලා ඉන්න ජනතාවට තමන්ගේ විරෝධතාව ප්‍රකාශ කරන්න තියෙන ඒකම දේ කතිරය. රාජපක්ෂලාගේ රැකවලා ව්‍යවස්ථාව උල්ලංගණය කරන්න කටයුතු කරනවානම් අපි අධිකරණයට යනවා. අපි ලබන 15 දා සාමකාමී විරෝධයක් තියෙනවා. මැතිවරණය කල් දාන්න ලෑස්ති වුණොත් අපි වීදි බැහැලා කැරළි ගහනවා.