29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරියේදී සෞඛ්‍ය සේවකයින්ගේ අරගලයක් ඇති විය හැකියි

ඉදිරියේදී සෞඛ්‍ය සේවකයින්ගේ අරගලයක් ඇති විය හැකියි

ඉදිරි කාලයේදි බිම් මට්ටමේ සේවකයින්ගේ වෘත්තිය අරගල නිර්මාණය විය හැකි බවත් පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා රජයේ සේවකයින්ගේ පහසුකම් සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඉන්ධන මිල ඉහළ යාම, වැටුප් හා දීමනා කප්පාදුව වැනි කරුණු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතා අපහසුවෙන් රැකියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා පරිපාලන අමාත්‍යාංශය විවිධ චක්‍රලේක නිකුත් කරමින් බිම් මට්ටමේ තත්වයන් පාලනය කිරීමට කටයුතු කරන නිසා සේවකයින්ගේ ඉවසීම පුපුරා යන තත්වයක් නිර්මාණය විය හැකි බවත් ඔහු දන්වා සිටියා.

ඉන්ධන සම්බන්ධයෙන් මාසික දීමනාව දිනකට පමණක් සීමා වන නිසා බිම් මට්ටමේ නිවාරන සේවාව මුලුමනින්ම බිඳ වැටීමට නියමිත බවත් පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රකාශ අනවශ්‍ය වෘත්තිය අරගල රැල්ලක් විය හැකි බවත් සභාපතිවරයා අනතුරු අඟවමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.