― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsගෝඨා, මහින්දට සම්බාධක පැනවීම ගැන අහන්න කැනේඩියානු මහකොමසාරිස්වරයාට කැඳවීමක්

ගෝඨා, මහින්දට සම්බාධක පැනවීම ගැන අහන්න කැනේඩියානු මහකොමසාරිස්වරයාට කැඳවීමක්

මෙරට කැනේඩියානු මහකොමසාරිස්වරයා අද (11) පෙරවරුවේ විදේශ අමාත්‍යාංශයට කැඳවා තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා මහින්ද රාජපක්ෂට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් විමසීම සඳහා මොහු කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (10) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට කැනේඩියානු ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ සම්බාධක පැනවීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව මෙම පිරිසට කැනඩාවට ඇතුළු වීම තහනම් වෙයි.

කැනේඩියානු රජය නිවේදනය කළේ 1983 වසරේ සිට 2009 වසර දක්වා මෙරට පැවති සිවිල් ගැටුම්වල දී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට අදාළව මෙම සම්බාධක පැනවීම සිදුකළ බවයි.