― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනියෝජ්‍ය කතානායකගේ මත්තල ඉඩමේ අක්කර දෙකහමාරක ගංජා වවලා?

නියෝජ්‍ය කතානායකගේ මත්තල ඉඩමේ අක්කර දෙකහමාරක ගංජා වවලා?

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කුලී පදනම මත ලබා ගත් පුද්ගලයකු ගංජා හේනක් පවත්වාගෙන ගියේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයේන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි. නියෝජ්‍ය කථානායකවරයාට අයත් බව කියන මත්තල ගම්මිරිස්කමත ප්‍රදේශයේ පිහිටි අක්කර 50 කින් යුත් ඉඩමෙන් අක්කර 10 ක පමණ කොටසක් එළවළු සහ පලතුරු වගා කිරීම සඳහා කුලී පදනම මත සූරියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුට ලබාදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැකකාර පුද්ගලයා කුලී පදනම මත ලබාගත් එම ඉඩමේ අක්කර දෙකහමාරක පමණ ප්‍රමාණයක ගංජා වවා තිබූ බව පොලිස් විශේෂ කාර්යය බළකා ආරංචිමාර්ග සඳහන් කරයි. කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත ගංජා හේනේ අඩි පහක් පමණ උසට සරුවට ගංජා වැවී තිබුණු බව පැවසේ.

ගංජා පැල පැළ කොටසක් නඩු භාණ්ඩ වශයෙන් සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන සෙසු ගංජා පැල ගිනි තබා විනාශ කර දමා තිබේ.

#lankadeepa