27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය කපා හරින්නැයි මහබැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලයි

ණය කපා හරින්නැයි මහබැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලයි

ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඹ්ඹ්C මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

එහිදී මහබැංකු අධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවයි.

චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර එමගින් සියලුදෙනාට යහපතක් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.