― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත බැලීමට මානව හිමිකම් කොමිසම බන්ධනාගාරයට

වසන්ත බැලීමට මානව හිමිකම් කොමිසම බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු තවත් දෙදෙනෙකු අදාළ නියෝජිත කණ්ඩායමට ඇතුළත් වේ.

වසන්ත මුදලිගේ රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඔහුගේ රැඳවුම් තත්වය පරීක්ෂා කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පව්සයි.

ඒ අනුව රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව මානව හිමිකම් කොමිසම බන්ධනාගාර නිලධාරින් දැනුවත් කර තිබෙන අතර රැඳවියන් වෙත ලබා දෙන ආහාර සහ ඒවා පිළියෙළ කරන ආකාරය සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කරුණු විමසා බලා තිබේ.

මෙම පරීක්ෂණයේදී හඳුනා ගත් කරුණු පිළිබඳව වැඩිදුර කරුණු විමසීම සඳහා ඉදිරියේදී බන්ධනාගාර නිලධාරින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවීමට නියමිත ය.