30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස් දින සැමරුමට භාණ්ඩාගාරයෙන් කෝටි 20ක්?

නිදහස් දින සැමරුමට භාණ්ඩාගාරයෙන් කෝටි 20ක්?

75 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් රජය රුපියල් කෝටි 20ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ස්වදේශ කටයුතු ආමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ‘ද මෝනිං’ පුවත්පතට පවසා ඇත්තේ එලැඹෙන 04 වැනිදාට යෙදී ඇති 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් රජය මෙලෙස කෝටි 20ක් වෙන් කර ඇති බවයි.

මේ වනවිට භාණ්ඩාගාරය විසින් මෙම මුදල් වෙන් කර ඇති අතර උපරිම ලෙස වියදම් කප්පාදු කොට නිදහස් උත්සවය සැමරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි කෙසේවෙතත් ලේකම්වරයා පවසන්නේ.

රට දැඩි ආර්ථික අර්බුදයක ගිලී ඇති මෙවන් මොහොතක, දිළිඳු ජනතාවගේ සමෘද්ධි සහනාධාරය පවා ප්‍රමාද වන බවට රජයම අනතුරු අඟවා ඇති පසුබිමක් තුළ නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 20ක මුදලක් වැය කිරීම ඔබ අනුමත කරනවාදා?