28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව අද

පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව අද

පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව අද (12) ලබාදීමට නියමිතය.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම පෙත්සම්වල විත්තිකරුවන් ලෙස නම් කර ඇත.