― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsකැස්බෑ බිත්තර සමඟ අයෙක් අත්අඩංගුවට

කැස්බෑ බිත්තර සමඟ අයෙක් අත්අඩංගුවට

රත්මලාන වෙඩිකන්ද වෙරළ තීරයේදී කැස්බෑ බිත්තර 30 ක් ළඟ තබා ගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 60 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු අද (13) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.