26.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේවක හිඟයෙන් සීමා නිර්ණය ප්‍රමාද වෙනවා

සේවක හිඟයෙන් සීමා නිර්ණය ප්‍රමාද වෙනවා

නිලධාරින්ගේ පවතින හිඟය නිසා මැතිවරණ සීමා නිර්ණය කිරිමේ කාර්ය බාරය ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සීමා නිර්ණය කිරීමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිය අමතමිනි.

සීමා නිර්ණය කිරිමේ කටයුතු අපි කරගෙන යනවා. ඒක මේ ඡන්ද විමසීමට බලපෑමක් නැහැ. අපි බලාපොරොත්තු වුණා ඒ කටයුත්ත පෙබරවාරි මස 28 දිනෙන් අවසන් කරන්න. නමුත් අපට ප්‍රශ්න කිහිපයක් ඇවිත් තිබෙනවා. මේ ජනවාරි පලවෙනිදා ඉඳලා දිසාපතිවරු හත් දෙනෙකුට උසස්වීම් ලැබිලා තවත් සමහරුන් විශ්‍රාම ගිහින් තිබෙනවා. සංඛ්‍යාලේඛන නිලධාරින් 17 දෙනෙක් ස්ථාන මාරු කොට තිබෙනවා. කමිටුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මිනුම් අධිකාරිවරුන් 10 දෙනෙක් පමණ ස්ථාන මාරු වී තිබෙනවා.

ඒ වගේම මැතිවරණ නිලධාරින්ට මේ පළාත් පාලන මැතිවරණ රාජකාරි පැවරිලා තිබෙනවා. ඒ නිසා සීමා නිර්ණ කටයුතු ප්‍රමාද වෙනවා. ඒ නිසා අපි හිතනවා මාර්තු 31 වත් අමාරුවෙන් හෝ මේ වැඩේ ඉවර කරන්න පුලුවන් වෙයි කියලා.