ඓතිහාසික මහනුවර ශ්රී කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස දමින්ද උඩුරාවන වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා.
ඉදිරි වසර හතර සදහා ඔහු තේරී පත්වුණේ මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අද (13) පැවති ඡන්ද විමසීමේදියි.
එහිදී දමින්ද උඩුරාවණට ඡන්ද 21 ක් හිමි වූ අතර, හිටපු බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දරට හිමි වුණේ ඡන්ද 6 ක් පමණයි.
ඡන්ද විමසීමෙන් පසුව උණුසුම් තත්ත්වයක් ද හටගත් අතර ඒ පරාජයට පත් ගැමුණු වලිසුන්දර එම ඡන්ද ප්රතිඵලය සම්බන්ධයෙන් විරෝධය පළ
කිරීමත් සමඟයි.