26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ටෙන්ඩරය ඉන්දියාවට දුන්නා - වෙළඳ ඇමති

බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට දුන්නා – වෙළඳ ඇමති

ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය බෙදාහරින්නන් දෙදෙනෙකුට ලබාදී අඩුම මිලට ලබාදුන් ටෙන්ඩර් දෙක තෝරා ගත් බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව ලොව බිත්තර අපනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින බැවින් ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමේ ගැටලුවක් මතු නොවන බවයි.

එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි සහ වාර්තා එවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා අවසර ලබා නොදුනහොත් ආනයනය සඳහා මීළඟ පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් මුදල්, වාණිජ හා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඔහු සඳහන් කළේය.