25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsභාණ්ඩ කිහිපයක ආනයනය ගැන තීරණයක් ළඟදීම ?

භාණ්ඩ කිහිපයක ආනයනය ගැන තීරණයක් ළඟදීම ?

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි අනුමැතිය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි.

ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළකර තිබේ.

සංචාරක, රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ ගෙන්වීමට අවසර ලබාදීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩ දීම බව ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියා.

තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ පළකොට තිබූ විදේශ විනිමය පනත යටතේ නියෝග සඳහා ද කාරක සභාවේ අනුමතිය හිමිවිය.