― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsමාළු මිල අඩුවෙයි

මාළු මිල අඩුවෙයි

පසුගිය සතියට සාපේක්ෂව මාලු මිල සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළෙන්ඳන් පවසති.

ඒ අනුව බලයා, ලින්නා, අලගොඩුවා, ඉස්සා, සාලයා මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රුපියල් 200 කින් පමණ අඩු වී ඇති අතර පසුගිය සතියේදී රුපියල් 1800 කට අලෙවි වූ තලපත් කිලෝග්‍රෑමයක තොග මිල මෙම සතියේදී රුපියල් 1400 දක්වා අඩු වී තිබේ.

ඒ අනුව බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 600 කටත්, ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 750 කටත්, අලගොඩුවා කිලෝග්‍රෑමයක් රුපියල් 600 කටත්, ඉස්සා කිලෝග්‍රෑමයක් රුපියල් 1600 කටත්, සාලයා කිලෝග්‍රෑමයක් රුපියල් 350 කටත් වශයෙන් අලෙවි වන බවයි වාර්තා වන්නේ.