― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර අතරින් ශ්‍රී ලංකාව 100 වැනි තැනට

ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර අතරින් ශ්‍රී ලංකාව 100 වැනි තැනට

ලන්ඩනයේ පිහිටි ගෝලීය පුරවැසිභාවය සහ පදිංචිය පිළිබඳ උපදේශන ආයතනයක් වන Henley & Partners විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව ලෝකයේ බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියෙකුට වීසා නොමැතිව ලෝකයේ ස්ථාන 42 කට සංචාරය කළ හැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

මෙම දර්ශකයට අනුව ජපානය ලෝකයේ බලවත්ම විදේශ ගමන් බලපත්‍රයක් හිමි රට බවට පත්ව ඇත. ජපන් පුරවැසියන්ට ලොව පුරා ගමනාන්ත 193කට වීසා රහිතව ගමන් කිරීමේ හැඛියාව පවතී.

සිංගප්පූරුව දෙවන ස්ථානයේ පසුවන අතර දකුණු කොරියාව තෙවන ස්ථානයේ පසුවෙයි. ලෝකයේ බලවත්ම විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ඉදිරියෙන් සිටින්නේ ආසියාවේ රටවල් 03ක් වීම විශේෂත්වයකි.

03 ආසියාතික රටවලට පසුව තවත් යුරෝපීය රටවල් බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ඇති රටවල ප්‍රමුඛතා ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත. ජර්මානු සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 190කට නිදහසේ ගමන් කළ හැකිය. ෆින්ලන්තය, ඉතාලිය සහ ලක්සම්බර්ග් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 189 කට සංචාරය කළ හැකිය.

ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ස්වීඩනය පස්වන ස්ථානයේ පසුවන අතර ප්‍රංශය, අයර්ලන්තය, පෘතුගාලය සහ එක්සත් රාජධානිය හයවන ස්ථානයේ පසුවේ. බෙල්ජියම, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ චෙක් ජනරජය සමඟින් නවසීලන්තය සහ එක්සත් ජනපදය 7 වැනි ස්ථානයට පත්ව ඇත.

ඇෆ්ගන් ජාතිකයන් නැවතත් දර්ශකයේ පහළම ස්ථානයේ සිටී. එම විදේශ ගමන් බලපත්‍රයේ වීසා රහිතව ගමන් කළ හැක්කේ රටවල් 27කට පමණි.