26.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොණරාගල SSPට ගංජා දුන් ඇතිමලේ OIC අත්අඩංගුවට

මොණරාගල SSPට ගංජා දුන් ඇතිමලේ OIC අත්අඩංගුවට

මොණරාගල කොට්ටාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරට ගංජා සැපයීම සම්බන්ධයෙන් ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශයකට අනුව ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිරයා අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 06 වැනිදා ඇතිමලේ පොලිසියේ නිලධාරීන් විසින් කැබිලිත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා තිබේ. ඉන්පසු මෙම ගංජා තොගය කපා ට්‍රැක්ටර් රථයක පටවා පොලිසියට රැගෙනවිත් ඇති අතර මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත ඉන් කොටසක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.