― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවට පණු රෝගයට බලපෑ ප්‍රධාන හේතුව කාබනික පොහොරද?

වට පණු රෝගයට බලපෑ ප්‍රධාන හේතුව කාබනික පොහොරද?

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළදී ඇති මූල ගැටිති වටපණු රෝගය නැමැති රෝගය වැළඳීමට හේතුව විධිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් නිසි ප්‍රමිතියට සකස් නොකරන ලද කාබනික පොහොර නිසා ද යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.

2021 මහ කන්නයේ දී රසායනික පො‌හොර තහනම් කරනු ලැබීමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මගින් ගොවි ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කරනු ලැබීය.

එම වකවානුවේ විශාල වශයෙන් විවිධ ආයතන කාබනික පොහොර සකස් කර ඇති අතර ඔවුන් අදාල විදිමත් ක්‍රියාවලිය අනුගමනය කළා ද යන්න ගැන සැකයක් පවතින බව පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  අවධානය යොමු කර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇති කොම්පෝස්ට් සාම්පලවල නෙමටෝඩා බහුල වශයෙන් පවතින බව තහවුරු වී ඇතත්, මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත්, එමෙන්ම නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග  සම්බන්ධව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති බව ද කෘෂිකර්ම ලේකම්වරයා සඳහන් කළේය.