30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 වසරේ සංචාරය කරන්න හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව මුල් තැනට

2023 වසරේ සංචාරය කරන්න හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව මුල් තැනට

TravelTriangle නම් සංචාරක වෙබ් අඩවියට අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ රන්වන් වෙරළ, වන සතුන්ගෙන් පොහොසත් වනාන්තර, තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කඳු ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම ආසියානු රටවලින් එකක් බවට පත් කරන බවයි.

“මෙම දූපතේ සුන්දරත්වය සහ භෞතික විවිධත්වය ගැන සංචාරකයන් පුදුම වෙනවා. ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන ශ්‍රී පාදස්ථානයේ සිට දර්ශනය සිත් ඇදගන්නා සුළු බව දන්නා කරුණකි. ඔබේ යෝග්‍යතා මට්ටම අනුව පැය 5-6ක් ඇතුළත ඔබට මෙම ලෝක උරුම අඩවියට නැඟිය හැක.”

ලොව විශාලතම ක්ෂීරපායී සත්වයා වන නිල් තල්මසුන් දැක ගැනීමට ශ්‍රී ලංකා සංචාරයේදී හැකිවන බවයි TravelTriangle සංචාරක වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.

Travel Trinagle හි දක්වා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ උපදෙස්:

සංචාරය කිරීමට හොඳම කාලය: දෙසැම්බර්-මාර්තු

කළ යුතු දේ: කඳු නැගීම, ඇල්ලට දුම්රිය ගමන, අලි සෆාරි, තේ වතු සංචාරය,

සංචාරක ආකර්ෂණ ස්ථාන: සීගිරිය පර්වතය, ශ්‍රී පාදස්ථානය, දඹුල්ල ලෙන් විහාරය, ලන්දේසි කොටුව

භාෂාව: සිංහල සහ දෙමළ

මුදල්: ශ්‍රී ලංකා රුපියල