32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට අභියෝග කරන්න පිටියට ආ ශ්‍රී ලාංකිකයා

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට අභියෝග කරන්න පිටියට ආ ශ්‍රී ලාංකිකයා

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට ඊයේ අවස්ථාව උදා වුණා.

මෙලෙස අවස්ථාව හිමි වුණේ ශ්‍රී ලාංකිකයෙක් වන දස හැවිරිදි වියේ පසුවන තාදි කරුණානායකටයි.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සමගාමීව පැවති ප්‍රදර්නාත්මක තරගයක දී මෙලෙස ජොකොවිච්ගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා බවව පත්වීමට තාදිට අවස්ථාව හිමි වුණා.

යුගළ තරගයක් ලෙස පැවති එම තරගයේ දී තාදි කරුණානායක සමඟ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ අංක එකේ ක්‍රීඩකයා ලෙස සැළකෙන නික් කිර්ජියෝස් ක්‍රීඩා කිරීමට එක්වීම විශේෂත්වයක්.

තාදි කරුණානායක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් කනිෂ්ඨ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට දෙවන ස්ථානයේ පසුවනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි රෝඩ් ලේවර් අරීනා ටෙනිස් පිටියේ දී මෙම ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගය පැවැත් වුණා.

https://twitter.com/i/status/1613829601846824962