― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅශේන් බණ්ඩාර සහ වැන්ඩර්සේ එකිනෙකා ගැටී පිටිය මැද දී දරුණු අනතුරක්

අශේන් බණ්ඩාර සහ වැන්ඩර්සේ එකිනෙකා ගැටී පිටිය මැද දී දරුණු අනතුරක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් එකවර ආබාධයන්ට ලක් වුණා.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ සුපිරි පන්දු රකින්නෙකු වන අශේන් බණ්ඩාර සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ මෙලෙස ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයින්.

තරගය අතර තුර පන්දුවක් රැක ගැනීමට යාමේ දී හතරේ සීමාව ආසන්නයෙන් දී දෙදෙනාම එකිනෙකා සමඟ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරින් ආබාධයන්ට ලක් වූ අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේට පිටියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.