නේපාල රජය විසින් අද එරට ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
දශක තුනකට පසු නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුර හේතුවෙනුයි මෙලෙස ශෝක දිනයක් ප්රකාශයට පත් කර ඇත්තේ.
ඊයේ (15) උදෑසන කත්මන්ඩු සිට පොකාරා වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර වසර 30කට පසු නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුර මෙය බවයි සැලෑන්නේ.
අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිළි නොමැති බවයි නේපාල රජය පවන්නේ.