25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුණු පරාජය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හේතු විමසයි

දරුණු පරාජය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හේතු විමසයි

ඉන්දියාව සමඟ ඊයේ (15) පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී අත්වූ දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත්තේ අදාළ වාර්තාව දින 05ක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදෙන ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුව සහ කළමනාකරුගේ අදහස් එම වාර්තාවේ ඇතුළත් විය යුතු බවයි දන්වා ඇත්තේ.

දෙරට අතර ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 317ක දැවැන්ත පරාජයක් අත්වුණා.

මෙම පරාජය වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර එක්දින තරගයක දී කණ්ඩායමක් ලැබූ දරුණුම පරාජය ලෙසයි.

මේ අතර ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණියා.