23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් සබඳතාව නැවැත්තුවැයි තරුණිය පැහැරගෙන

පෙම් සබඳතාව නැවැත්තුවැයි තරුණිය පැහැරගෙන

පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී තරුණියක් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ තරුණිය පැහැරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම තරුණිය සැකකරු සමඟ මාස 6කට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එය නවතා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මේ හේතුවෙන් අදාළ තරුණයා අවස්ථා ගණනකදීම තරුණියට තර්ජනය කර ඇති අතර ඉන් පසුවයි පෙරේදා (14) ඇයව පැහැරගෙන ගොස් තිබේ.

අදාළ තරුණයා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය විසින් සිදුකරනු ලබයි.