28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබද්දේගම රිය අනතුරකින් යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

බද්දේගම රිය අනතුරකින් යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

ඊයේ (15) සවස් කාලයේ බද්දේගම පොලිස් වසමේ බද්දේගම නාගොඩ මාර්ගයේ හැම්මැලිය ප්‍රදේශයේදී බද්දේගම දෙස සිට නාගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් පැමැණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබෙන අතර ඔහු වයස අවුරුදු 31 වන හැම්මැලිය බද්දේගම පදිංචි යුධ හමුදා සෙබළෙක්.

අනතුර සම්බන්ධයෙන් කැබ්රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෘත ශරීරය බද්දේගම රෝහලේ තැන්පත් කර ඇති අතර බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.