29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි බිල වැඩිකිරීම ගැන මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් විමසයි

විදුලි බිල වැඩිකිරීම ගැන මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් විමසයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යළිත් වරක් විදුලි ගාස්තු ඉහල නැංවීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබද අද සිට මහජන අදහස් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව සති 03ක කාලයක් තුළ ඕනෑම අයෙකුට ලිඛිතව තම අදහස් දැක්විය හැකි අතර මහජන උපයෝගිතා කොමිශන් සභාවේ නිල වෙබ් අඩවිය, විද්‍යුත් තැපෑල, ෆේස්බුක් පිටුව, ෆැක්ස් පණිවිඩ සහ සාමාන්‍ය තැපෑල මගින් තොරතුරු ඉදිරිපත් කළහැකිය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිශන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 2 392 607 හෝ 011 2 392 608 දුරකථන අංකවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.