― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ උපකාරක පන්ති අද රැයෙන් තහනම්

උසස් පෙළ උපකාරක පන්ති අද රැයෙන් තහනම්

2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කිරීම සහ එම මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ ජාල මඟින් ප්‍රසිද්ධ කිරීමත් තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එවැනි ආකාරයේ උපදෙස් කඩකිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව පොලීසිය හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන අතර, එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට, ආයතනයක් ‍හෝ වෙනත් පාර්ශවයකට දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වී පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.