― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබොරැල්ල රෝහලේ වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු අත්අඩංගුවට

බොරැල්ල රෝහලේ වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු අත්අඩංගුවට

මුදල් ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය, ලොන්ඩ්‍රියාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 32ක් වන මොහු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මෙම ජාවාරමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ප්‍රදේශවල දී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන් දෙදෙනා කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පුද්ගලයින් දෙදෙනෙකුට ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල ලබාදීම මොවුන් විසින් සිදුකර ඇති බව සඳහන්. එම සැකකරුවන් රාජගිරිය හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.