Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsමහින්දට හා ගෝඨාභයට අනික් රටවලුත් තහනම් කළ යුතුයි

මහින්දට හා ගෝඨාභයට අනික් රටවලුත් තහනම් කළ යුතුයි

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගත් තීරණය ලෝකයේ අනෙක් රටවලුත් අනුගමනය කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

එහි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි අවධාරණය කරනු ලබන්නේ එම පියවර මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා යම්කිසි රටක් විසින් ගනු ලැබූ බලගතු තීරණයක් බවත් ඒ අනුව යමින් ලොව අනෙක් ප්‍රධාන පෙළේ රටවල් ද එවැනි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

එමෙන්ම ඔවුන්ගේ නායකත්ව භූමිකාව කුමක් වුවත් බරපතළ අපරාධවලට වගකිව යුතු අය ගණන් බලා යුක්තිය තහවුරු කිරීමේ මූලික වගකීම ශ්‍රී ලංකා රජය වෙත පවතින බවත් ඇය සඳහන් කළාය.

කැනේඩියානු රජය පසුගිය දා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙසොහොයුරන්ට සහ හිටපු හමුදා සෙබලෙකුට සහ නාවික හමුදා නිලධාරියෙකුට එරෙහිව සම්බාධක පනවනු ලැබීය.

මෙම වාරණය පනවමින් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි පැවසුවේ කැනඩාව “ජාත්‍යන්තර නීතිය කඩ කරන්නන්ට එරෙහි ව ජාත්‍යන්තර දණ්ඩමුක්තිය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන ඇති” බවයි.

2005-2010 කාලය තුළ මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපති ධුරය හෙබවූ අතර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

මෙම කාලසීමාව තුළදී යුද අපරාධවලට අමතරව මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද වගකිව යුතු බවට කැනඩාව චෝදනා කර තිබීම විශේෂත්වයකි.

2000 වසරේදී යාපනයේ මිරුසුවිල් හිදී පස් හැවිරිදි දරුවෙකුද ඇතුළුව, දෙමළ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට 2015 වසරේ වරදකරු වූ හිටපු යුධ හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට 2020 වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව දෙනු ලැබීය.