නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දී තිබේ.
මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් නොමැති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙතෙක් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ.