27.2 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ - නීතිපති

නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් මින් ඉදිරියට පෙනී නොසිටින බවයි නීතිපතිවරයා පවසන්නේ.