28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමෙසී හා රොනාල්ඩෝ හෙට පාපන්දු පිටියේදී ගැටෙයි

මෙසී හා රොනාල්ඩෝ හෙට පාපන්දු පිටියේදී ගැටෙයි

සෞදි අල් නසාර් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් කර තිබේ.

සෞදි අල් නසාර් කණ්ඩායම එලැඹෙන බ්‍රහස්පතින්දා ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් පැරිස් සෙන්ට් ජර්මේන් (පීඑස්ජී) සමඟ සුහද තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය.

පසුගිය මාසයේදී අල් නසාර් කණ්ඩායම සමඟ එක්වීමෙන් පසු රොනාල්ඩෝගේ පළමු තරඟය මෙය වේ.

37 හැවිරිදි රොනාල්ඩෝ අල් නසාර්, අල් හිලාල් සහ අල් ස්ටාර් යන කණ්ඩායම් සඳහා නායකත්වය දෙනු ඇත. මෙම තරගාවලිය හරහා සෞදි අරාබියේදී සිය මංගල තරගයට සහභාගි වූ නිසා රොනාල්ඩෝට නායකයාගේ බාහු පටි පිරිනමා තිබේ.

Ballon d’Or සම්මානය 12 වතාවක් තමන් අතරේ බෙදාගත් සුපිරි ක්‍රීඩක මෙසී සහ රොනාල්ඩෝ දෙදෙනා මුහුණට මුහුණ ලා සිටින අවසන් අවස්ථාව මෙය විය හැකි බව විශ්වාස කෙරේ.

රොනාල්ඩෝ සහ මෙසී යන දෙදෙනාම මීට පෙරද තරග කිහිපයකදී එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කර ඇත.