27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් ආරවුලක් නිසා ගෙයක් ගිනිබත් වෙයි

මුදල් ආරවුලක් නිසා ගෙයක් ගිනිබත් වෙයි

පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර සිදුව ඇති දේපල හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

ඊයේ (17) පස්වරුවේ පානදුර ජනප්‍රිය මාවතේදී මුදල් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූ දෙදෙනෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය.

එම පහරදීම මුල්කර ගනිමින් ඊයේ රාත්‍රි 10.30 ට පමණ මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාඳුනන පිරිසක් පහරදීම සිදුකර එහි තුන්වන මහලේ නිවසකට ගිනි තබා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇතැයි සඳහන් වේ.