23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය සේවා සඳහා අති විශේෂ ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය සේවා සඳහා අති විශේෂ ගැසට්ටුවක්

විදුලිය සැපයීම, ඉන්ධන සැපයීම සහ රෝහල් සේවා තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊයේ (17) නිකුත් කෙරිණි.

ඒ අනුව විදුලිය සැපයීම, ඛනිජ නිෂ්පාදනය, ඉන්ධන සැපයීම සහ බෙදා හැරීම යන සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස සැලකේ.

එසේම රෝහල්, සාත්තු නිවාස, ඔසුසල් සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් රැකබලා ගැනීම සහ පිළිගැනීම, ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.