26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීගේ වන්දි මුදලට කොටුවේ කැට හොලවපු සුදත්ත තිලකසිරි

මෛත්‍රීගේ වන්දි මුදලට කොටුවේ කැට හොලවපු සුදත්ත තිලකසිරි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රුපියල් කෝටි 10ක වන්දි ලබා දෙන්නැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට පසුගියදා අධිකරණ නියෝගයක් ලබා දුන්නේය.

අධිකරණයෙන් නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට ප්‍රමාණවත් තරම් වත්කමක් තමන්ට නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

එම වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි ඊයේ (17) කොළඹ කොටුවේදී කැට සොලවා මුදල් එකතු කර ඇති බව සිය ෆේස්බුක් පිටුවේ ඔහු සටහනක් තබා තිබේ.

එම මුදල් එකතු කිරීමේදී රුපියල් 1810ක මුදලක් එකතු වී ඇති බවයි ඔහු පවසන්නේ.

ඉන්පසු එම මුදල ඔහු විසින් මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.