ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහනට සහයෝගය ලබාදෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට ඉන්දියාව එකඟ වන බව ඉන්දීය මුදල් අමාත්‍යංශ නිලධාරී රජට් කුමාර් මිශ්‍රා ලිපියක් යොමු කරමින් IMF ප්‍රධානියාට දැනුම්දී තිබෙනවා.
ශ්‍රී ලංකාව IMF වෙතින් ඩොලර් බිලියන 2.9ක ණයක් අපේක්ෂා කරන බැවින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට දැඩි ලෙස සහාය දෙන බවයි ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහන සඳහා අපගේ ප්‍රබල සහයෝගය මෙයින් තහවුරු කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව මූල්‍ය සහ ණය සහන සමඟ ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටිමුයනුවෙන් ඉන්දියාව අදාළ ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.
රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන ඩොලර් බිලියන 2.9ක ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට චීනයේ සහ ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය වනවා.
අරමුදල් ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් පූර්ව මූල්‍ය සහතික ලබා ගැනීමටත්, එහි අධික ණය බර තිරසාර මාවතකට යොමු කිරීමටත්, රාජ්‍ය ආදායම ඉහළ නැංවිය යුතු බවත් IMF ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වසරේ පළමු කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.