30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධි දීමනාව හැර වෙන කිසිම සහනයක් දෙන්නේ නැහැ - ඇමති මනූෂ

සමෘද්ධි දීමනාව හැර වෙන කිසිම සහනයක් දෙන්නේ නැහැ – ඇමති මනූෂ

සමෘද්ධි දීමනාව සමඟ ලබා දී ඇති අනෙකුත් සහන ඉවත් කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අඩු ආදායම්ලාභීන් දිරිමත් කිරීම සඳහා සමෘද්ධි දීමනාව අඛණ්ඩව ලබා දෙන බවයි.

ඔවුන් ස්වයං සංයමයකට පත් කළ යුතුයි. එහෙම නැතිව සමෘද්ධිය දේශපාලන යාන්ත්‍රණයක් වෙන්න දෙන්න බැහැ. සමෘද්ධිය ලැබිය යුත්තේ ලැබිය යුතු අයටයි. අපි අසරණ අයට සහ දුප්පතුන්ට උදව් කළ යුතුයි. නමුත් අනෙකුත් වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් මා විවේචනය කරන කිසිවකුගෙන් මා පසු බසින්නේ නැහැ.