26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුකේෂ් මගේ ජීවිතය අපායක් කළා - ජැකලින් ෆර්නෑන්ඩස්

සුකේෂ් මගේ ජීවිතය අපායක් කළා – ජැකලින් ෆර්නෑන්ඩස්

සුකේෂ් චන්ද්‍රසේකර් මගේ හැඟීම් එක්ක සෙල්ලම් කළා.. මගේ ජීවිතේ විනාශ කළා..” බොලිවුඩයේ ජනප්‍රිය නිළි ජැකලින් ෆර්නෑන්ඩස්  දිල්ලියේ පටියාලා හවුස් අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියාය.

ෆෝර්ටිස් හෙල්ත්කෙයාර් හි ප්‍රවර්ධක ශිවින්දර් මෝහන් සිංගේ බිරිඳ අදිති සිං වැනි ඉහළ පෙළේ පුද්ගලයින්ට වංචා කිරීම සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුකේෂ් චන්ද්‍රසේකර් මේ වන විට සිරගතව සිටී. ඔහුට එරෙහි නඩු විභාගයට සම්බන්ධ වෙමින් ජැකලින්, චන්ද්‍රසේකර් සිය ජීවිතය විනාශ කර දැමූ බවට චෝදනා එල්ල කළාය.

චන්ද්‍රසේකර ඔහුව හඳුන්වා දුන්නේ ‘සන්ටිවී’ හි අයිතිකරු ලෙසින් බවත් හිටපු තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා සිය නැන්දණියක ලෙසින් බවත් ජැකලින් සඳහන් කළාය.

නිවසේ සහ නීති අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් චන්ද්‍රශේකර් අත්අඩංගුවට ගෙන ඇති බව තමා දැනගත්තේ පසුව බව පවසන ඇය, ඔහුගේ සැබෑ නම දැනගත්තේ ඔහුගේ අපරාධ පසුබිම ගැන දැනගත් පසුව පමණක් බවත් පැවසුවාය.

චන්ද්‍රශේඛර් කිව්වා එයා මගේ ලොකු රසිකයෙක් කියලා.. මට දකුණු ඉන්දියාවේත් චිත්‍රපට කරන්න කිව්ව.. සන් ටීවී එකේ අයිතිකාරයා හැටියට, එයාලට ගොඩක් ව්‍යාපෘති පෙළගැහිලා තියෙනවා, අපි දකුණු ඉන්දීය චිත්‍රපටවල එකට වැඩ කරන්න උත්සාහ කරමු කියලා සුකේෂ් මාව නොමග යැව්වා. මගේ වෘත්තිය සහ මගේ ජීවනෝපාය විනාශ කළා..” ජැකලින් අධිකරණයේදී පැවසූ බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

පින්කි ඉරානි චන්ද්‍රශේකර්ගේ ක්‍රියාකාරකම් සහ පසුබිම ගැන දැන සිටියා.. නමුත් ඇය කවදාවත් මට මේ බව හෙළි කළේ නැහැ..” ජැකලින් සිය ප්‍රකාශයේ කියා සිටියාය.

අධිකරණය හමුවේ පෙනී සිටි ජැකලින් ෆර්නෑන්ඩ්ස් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස මෙතෙක් නම් කර නොමැති නමුත්, ඇය එම වංචාවට සම්බන්ධ මුදල් විශුද්ධිකරණ විමර්ශනයේ චූදිතයෙකි.

#lankasara