― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsආහාර උද්ධමනයෙන් ලංකාව තවත් ඉදිරියට

ආහාර උද්ධමනයෙන් ලංකාව තවත් ඉදිරියට

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තවත් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

එම දර්ශකයේ සියයට 64ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 06 වැනි ස්ථානයට පත්ව ඇත.

ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබුණි. මෙවරත් එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 376කි.

එම දර්ශකයේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගෙන ඇත්තේ ලෙබනනය, වෙනිසියුලාවයි.

එම ලැයිස්තුව පහතින්,