27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනතාවට තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ

ජනතාවට තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ

ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා   කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන  බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

ඔහු එහිදී මෙසේ ද අදහස් දැක්වූවා,

මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක ඒකට අවහිර වෙන්න අලුත් නීති  සම්මත කරනවා. ගෝඨාභය රාජපක්ෂට ව්‍යවස්ථාවේ බලතල ජනවරමකින් ලැබිලා තිබුණා.  නමුත් ජනතාවගේ විශාල නැගිටීම් හරහා ඒ සියල්ල සුනුවිසුනු වී ගියා. මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන්න බැරිනම් සියයට  50 කින් අඩු කරන්න. අපි ඒකට එකඟයි. හරි අඩකින් බැරිනම් සියයට 75කින් අඩු කරන්න. අපි ඒකටත් එකඟයි.