27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තුන්වන වර කියවීම කියවීම අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 97ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36ක්.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඊයේ තීරණය කළා.

ඒ අනුවයි අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත් වුණේ.