23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයෙන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් පූර්ව විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළව ලබාදී ඇති ලේඛන පරීක්ෂා කර දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතන සේවකයින් එම ආයතනයේ රාජකාරිවලින් ඉවත් කර, දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම ආයතනයේ හිටපු සභාපති ජෙරාඩ් ප්‍රනාන්දු, සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.