27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අද (19) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

දෙදින නිල සංචාරයක් සඳහායි ජයිශංකර් ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙන්නේ. එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මෙම සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.