30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන 23 වැනිදා සිට කළු සතියක්

ලබන 23 වැනිදා සිට කළු සතියක්

ලබන 23 වැනිදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මෙරට රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.

එම සංගමයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.