32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldහැරගිය ආදරවන්තයා සිහි කර කැරපොත්තෙකුට නම තියන්න අවස්ථාවක්

හැරගිය ආදරවන්තයා සිහි කර කැරපොත්තෙකුට නම තියන්න අවස්ථාවක්

හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින් ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තෙක් නම් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේදී මෙම විශේෂ වැඩසටහන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

‘කැරපොත්තකුට නම් තබන්න’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර පෙබරවාරි 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සත්වෝද්‍යානයේ භාරකරුවන් කියා සිටියේ.

මේ සඳහා කැනඩා ඩොලර් 25ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6,750ක්) අය කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කැරපොත්තකුට නමක් තැබීමට අවශ්‍ය අයෙකුට මුදල් ලබා දී අයැදුම්පතක් ලබා ගැනීමෙන් අනතුරුව එය පුරවා ආපසු භාරදීම කළයුතු වනවා. කෙසේ වෙතත් කෙනෙකුට අපහාස වන අයුරින් නම් තැබීමකට ලබාදීමක් සිදු නොවන බවයි සත්වෝද්‍යානය භාරකරුවන් සඳහන් කර සිටියේ.

රෝස මල් රතු පාටයි, වයලට් නිල් පාටයි, ඔබට කරදර කරන කෙනෙක් ඔබේ ජීවිතයේ සිටීද ? මෙම ආදරවන්තයින්ගේ දිනයට ඔවුන්ගේ ගෞරවය පිණිස කැරපොත්තෙකු නම් කිරීමෙන් ඔවුන්ට ඇස්වල කඳුලු ලබා දෙන්න” ටොරොන්ටෝ සත්වෝද්‍යානයේ ට්විටර් ගිණුමේ මෙලෙස දක්වා තිබෙනවා.